පාසල් සිසුන් අතර ජනප්‍රිය වන අලුත්ම බීම..

පාසල් සිසුන් අතර ජනප්‍රිය වන අලුත්ම බීම..

පාසල් ශිෂ්‍යයන්ට අලෙවි කිරීම සඳහා සකස් කර තිබූ විෂ මත් සහිත බීම බෝතල් 1200 ක් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විෂ මත් සහිත බීම වර්ගයක් පාසල් සිසුන්ට අලෙවි කරන බවට ලංකාව පුරා බොහෝ පාසල්වලින් පැමිණිලි ලැබී තිබීම නිසා ඊයේ (15දා) විශේෂ මෙහෙයුමකදී මෙම බීම බෝතල් තොගය අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.

මෙම බීම වර්ගය පානය කිරීමෙන් පසු මත්වන්නේ ඇයිදැයි සොයාබැලීමට බීම සාම්පල් රස පරීක්ෂකවරයා වෙත යොමුකළ බවද එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ජේ.එම්.ඒ. ඩගලස් මහතා සඳහන් කළේය.

පිටකොටුවේ තොග වෙළෙන්දෙකු විසින් මෙම බීම බෝතල් චීනයෙන් ගෙන්වා බෙදාහරින බවට හෙළි වී තිබෙන බවත්, මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් අසල බීම අලෙවි කිරීමට සැලසුම් කර තිබූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවත්, ඔහුට එරෙහිව ඉදිරියේදී අධිකරණයේ නඩු පවරන බවත් ඒ මහතා පවසා සිටියේය.