FAST NEWS

24×7 Around the Globe

මාලිංගගේ නැවත ක්‍රිකට් පිටියට ආගමනය වන දිනය මෙන්න.

මේ වසරේ ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත පාකිස්තාන සුපරි ලීග විස්සයි20 ක්‍රිකට් තරගාවලියට සඳහා සහභාගීවීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු විස්සයි20 නායක ලසිත් මාලිංග තීරණය කර තිබෙන බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

නිවේදයක් නිකුත් කරමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසා ඇත්තේ මාලිංග තරගාවලියට එක්වන බව දැනටමත් තහවුරු කර ඇති බවයි. මාලිංගට අමතරව ඇල්බ් මොකල්, බ්‍රෙන්ඩන් මැලකම්, ඔයින් මොගන් යන ක්‍රීඩයන්ද තරගාවලියට එක්වීමට නියමිතය.

මේ වන විට ආබාධයකට ලක්ව ඇති මාලිංගට ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සංචාරයද අහිමිවුණා. අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මාලිංගේ ආබාධ තත්ත්වය පිළිබඳව කළ පරීක්ෂණයේද නිර්දේශ කළේ මාස හයක කාලයක් මාලිංගට විවේකය අවශ්‍ය බවයි.

ඒ අනුව ඔහුගේ මාස හයක විවේක කාලය ඔක්තෝබරයේ අවසන්වීමට නියමිතය. ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන සීමිත පන්දුවාර තරගාවලියටද මාලිංගට සහභාගිවීමට අැත්තේ අවම ඉඩකි.