FAST NEWS

24×7 Around the Globe

දඟ පන්දු යවන්නන්ට පහර දෙන හැටි මුරලි ඕස්ට්‍රේලියාණුවන්ට ලංකාවේදීම උගන්වයි.(ඡායාරූප)

ශ්‍රී ලංකා සංචාරයේ දී දඟ පන්දු යවන්නන්ට පහරදීම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායමට පුහුණුවීම් ලබා දෙන්නේ මුත්තයියා මුරලිදරන් බව වාර්තා වනවා.

ඊයේ(12) දිනයේ පී.සරවනමුත්තු පිටියේ දී අදාළ පුහුණුවීම් කටයුතු ආරම්භ කරනු ලැබුවා.

තිලාන් සමරවීර ද ඕස්ට්‍රේලියාවේදී එරට ප්‍රධාන ක්‍රීඩකයන් සිවු දෙනෙකුට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පහරදීම සම්බන්ධයෙන් පුහුණුව ලබා දී තිබෙන බව අප මුලදී වාර්තා කල ඔබට මතක ඇති.

ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන්ට පහරදීම සම්බන්ධයෙන් දැඩි අවදානයකින් සිටින බව පසුගියදා ඔවුන්ගේ මාධ්‍ය වාර්තා කර තිබුණා.

m