FAST NEWS

24×7 Around the Globe

විමල්ගේ සහෝදරයා FCID යෙන් අත්අඩංගුවට නොගත්තේ ඇයි ?

හිටපු නිවාස සංවර්ධන ඇමැති විමල් වීරවංශ මහතාගේ සොහොයුරෙකු මෙන්ම එම අමාත්‍යංශයේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙකු වූ සරත් වීරවංශ මහතා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ :(12) එම නිලධාරීන් පිරිසක් ඔහුගේ නිවෙස වැටලිමක් කර ඇත.

මෙම පුද්ගලයා නිවාස සංවර්ධන අමාත්‍යංශයේ එම තනතුර දරන අවධියේ රජයට අයත් වාහන අවභාවිතයට ලක්කරමින්කෝටි ගණනක රජයට අලාභහානි සිදුකළේ යැයි ඔහුට එරෙහිව ලැබී ඇති පැමිණිල්ලක් මත සිදුකරනු ලැබූ පරික්ෂණ වලින් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනීමට මෙසේ කටයුතු කෙරිනි

මෙම පුද්ගලයා රෝගාතුරයැයි පවසා රෝද පුටුවක සිටී හෙයින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ අපහසුතාවයක් පැවැති බැවින් මුල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන නොමැත.

තවද සරත් වීරවංශ මහතාට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ මෙම පැමිණිල්ලට අදාළව පැවැත්වෙන විමර්ශන සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදෙන ලෙසට අවස්ථා කිහිපයක්ම දැනුම්දී ඇතත් එම දැනුම්දීම ඔහු විසින් නොසලකා හැර ඇතැයි පැවසේ.මුල්‍ය අපරාධ කොට්ඨාසය ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ලැබුවේ ඉන් අනතුරුවයි.