FAST NEWS

24×7 Around the Globe

නාමල් අත්අඩංගුවට ගැනීම ගැන අමාත්‍ය මහින්ද අදහස් දක්වයි.

මේ වන විට අධිකරණ පද්ධතිය ස්වාධීන කිරීමට රජයට හැකි වී ඇති බවත්, නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම කිසිසේත්ම දේශපාලන පළිගැනීමක් නොවන බවත් වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

අද(12) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පැවසුවේ එවැනි කටයුතු සිදුවන්නේ අදාළ තැන්වලින් පරීක්ෂණ කර තොරතුරු සොයාගැනීමෙන් පසුව බවත් ඒ සඳහා රජයේ මැදිහත්වීමක් නොමැති බවත්ය.

අත්අඩංගුවට ගන්නා බොහෝදෙනා අධිකරණයෙන් නිදහස් කරනවා යැයි ආණ්ඩුවට චෝදනාවක් තිබෙනවා යැයිද අමාත්‍යවරයා මෙහිදී කීය.