බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ බැලීමට ඔහුගේ පවුලේ පිරිස හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීන් කිහිප දෙනෙක් වැලිකඩ මැගසින් බන්ධනාගාරයට පැමිණියහ.
නාමල් සොයුරු යෝෂිත හා රෝහිත ද ඔහුගේ මව ශිරන්ති රාජපක්ෂ ද ඒ අතර වූහ.එමෙන්ම යෝෂිත රාජපක්ෂගේ පෙවතිය ලෙස සැලකෙන යොහානා රත්වත්තේද ඔහු සමග පැමිණියාය.
යොහානා යනු මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ලොහාන් රත්වත්තේගේ දියණියයි.
යෝෂිත හා යසාරා අතර සම්බන්ධය බිඳුණු පසු 2013 වසරේ සිට මේ දක්වා වසර තුනකට ආසන්න කාලයක් යොහානා හා යෝෂිත අතර සබඳතාවය පවතින බවද වාර්තා වනවා.
යොහානාගේ සීයා වන්නේ හිටපු ආරක්ෂක ඇමති නැසීගිය අනුරුද්ධ රත්වත්තේය.
ඒ අනුව ඇයට චන්ද්රිකා කුමාරතුංග හිටපු ජනපතිවරියගේ හා සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනියගේ ඥාතීත්වයක්ද තිබේ.
නමුත් ඇය හැද සිටින හමුදා ඇදුමට සමාන ඇදුම ඇදීමට නීතියෙන් අවසර තිබේද යන ගැටලුව මේ වන විට සමාජ ජලා ඔස්සේ දැඩි කතා බහකට භාජනය වී තිබේ.









