FAST NEWS

24×7 Around the Globe

ක්‍රිස්ගේල්,සංගා සමග එක්ව බාබර්ඩෝස්ලාට දුවන්න ගහලා.

කැරේබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය විදිහට ජැමෙයිකා කණ්ඩායම සහ බාබර්ඩෝස් කණ්ඩායම් ඊයේ (11) තරග වැදුණා.

මේ තරගයේ මුලින් පන්දුවට පහරදුන් ජැමෙයිකා කණ්ඩායම පන්දුවාර 10කදි කඩුළු දෙකක් දැවී ලකුණු 116ක් ලබාගෙන ඉන්නකොට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඒ වෙනකොට දැවී ගිය නායක ක්‍රිස්ගේල් ලකුණු 47ක් ලබාගත්තේ හයේ පහර 5ක් සහ හතරේ පහර 2ක් එක්කයි.

ගේල් ඒ සදහා වැය කළ පන්දුව සංඛ්‍යාව 20ක්.

ඊට අමතරව සංගා ලකුණු 25ක් ලබාගත්තා.

සංගාගේ ලකුණු සංඛ්‍යාවට එක් හයේ පහරක් සහ හතරේ පහර 3ක් ඇතුළත්.

score