FAST NEWS

24×7 Around the Globe

ජන සටන පාද යාත‍්‍රාව මෙහෙයවීම බැසිල්ගෙන් ගලවයි.මෙන්න නව කමිටුව.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් බදුල්ලෙන් ආරම්භ කෙරුණු ආණ්ඩු විරෝධී ප‍්‍රතිසන්ධාන ප‍්‍රාදේශීය ජනහමු මාලාව ඒකාබද්ධ විපක්ෂය විසින් අවලංගු කර තිබෙනවා.

පක්ෂ නායකයින් සහ සෙසු මන්ත‍්‍රීවරුන් වැඩිදෙනෙකුගේ දැඩි විරෝධය නිසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගි වූ රැස්වීමකදී මෙම තීරණය ගෙන ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ.

බැසිල් රාජපක්ෂ මහතාගේ දේශපාලන ආගමනය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී ප‍්‍රබල විවේචන ඉදිරිපත් වූ බවද වාර්තා වනවා.

ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ ඉදිරි කටයුතු මෙහෙයවීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා නොමැතිව කමිටුවක් පත්කර තිබෙන බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් කියා සිටියේ.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම කමිටුවේ සභාපතිවරයායි. නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සහ කාංචන විජේසේකර යන මහත්වරුන් එහි සෙසු සාමාජිකයින් වනවා.