FAST NEWS

24×7 Around the Globe

පාන් මිල ඉහළට?

පාන් ඇතුළු බේකරි ආශ්‍රිත නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදු වෙතැයි සමස්‌ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි .

බේකරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල මිල සියයට 20 කින් පමණ ඉහළ යැම මෙම තත්ත්වයට හේතුව බව ද හෙතෙම සඳහන් කළේය.

භාණ්‌ඩවලට පනවා ඇති බදු වැඩි කිරීම හේතුවෙන් ෆාම් ඔයිල්, මාගරින්, ලුණු, සීනි ඇතුළු බේකරි ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍යවල මිල මෙසේ සියයට 20 කින් ඉහළ ගොස්‌ ඇතැයි ද හෙතෙම කීවේය.

රජයේ වගකිව යුතු නිලධාරීන් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව කී ජයවර්ධන මහතා අනතුරුව ඒ සම්බන්ධයෙන් තීරණයක්‌ ගන්නා බව ද වැඩිදුරටත් පැවසීය.