FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාරගත කල නාමල්ට ඊයේ ගෙදර ආහාරද?

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයේ ‘ඊ’ වාට්ටුවේ රඳවා තිබෙනවා.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප‍්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා රඳවා සිටින්නේ ද මෙම වාට්ටුවේයි.

තවත් රැඳවූවන් 20 දෙනෙකු පමණ ද එහි රඳවා සිටිනවා. ඔවුන් සියලුදෙනා විශේෂ ආරක්ෂාව ලබාදිය යුතු රැඳවූවන් බවයි බන්ධනාගාර ආරංචි කියා සිටියේ.

නාමල් රාජපක්ෂ මහතා ඊයේ (11) රාත‍්‍රී ලබාගෙන ඇත්තේ බන්ධනාගාරයෙන් ලබාදුන් ආහාර වේල බවයි වාර්තා වන්නේ.