FAST NEWS

24×7 Around the Globe

මාධ්‍යවේදින් ප්‍රශ්න විමසිමටත් පෙර හිටපු ජනපතිගෙන් අමුතු වදනක්.

බන්ධනාගාර ගතව සිටින සිය පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ වැලිකඩට ගියේය.

එහිදී මාධ්‍යවේදින් ප්‍රශ්න විමසිමටත් පෙර ඔහු පැවැසුවේ ‘මට අහන්න තියෙන්නේ ඔබට සතුටුද දැන් කියලා’ යනුවෙනි.

මෙතන තියෙන වෙනස තමයි, දේශපාලඥයා තමයි කියන්නේ අහවල් කාලෙට අහවල් කෙනා ගන්නවා කියලා. හැබැයි ඊට වඩා ලොකු ජයග්‍රහණයක් අධිකරණයෙන් අපි ලැබුවා. විමල් වීරවංශ මහත්තයා දාපු පෙත්සම. නීතිවිරෝධී නිසා වැට් බද්ධ තාවකාලිකව තවත්වලා තියෙනවා.ඒක තමයි අපි මේකත් එක්කම සතුටු විදින කාරණය.

මේ දේශපාලන පළිගැනීමේ වෙන මුකුත් නෙමෙයි. අර මුසාම්මිල් තවම ඉන්නවා. තව කට්ටිය ගෙනත් දායි. මේක සාමාන්‍ය සිදුවීමක් ලෙස අපි දකිනවා. මේක අපි දැනගෙන හිටියා. නිතිය ක්‍රියාත්මක වෙන්නේ එක පාර්ශ්වයකට විතරයි.” යැයිද ඔහු පැවැසීය.