FAST NEWS

24×7 Around the Globe

හිටපු ක්‍රීඩක රොඩ්නි හේරත් ගැන සුවිශේෂි ප්‍රකාශයක් කර ඔස්ට්‍රේලියාවට අසතුට පළ කරයි.

එළඹෙන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරගාවලියේ දී ටෙස්ට් තරගාවලියේදී රංගන හේරත් පා දඟ පන්දු යවන්නකු ලෙස වඩාත් බලපෑමක් ඇති කරනු ඇතැයිද ඔහුගේ පන්දු යැවීම ගැන වඩාත් අවධානයක් යොමු විය යුතු බවද හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් වේග පන්දු යවන ක්‍රීඩක රොඩ්නි හොග් මාධ්‍ය වෙත පවසා ඇත.

එසේහ හෙතෙම එළඹෙන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියානු පිල වේගපන්දු යවන්නන් හය දෙනකුගෙන් සමන්විත වීමත්, දක්ෂ පා දඟ පන්දු යවන්නෙකු එක් නොකිරීමත් ගැන රොඩ්නි හෝග් සිය අසතුට පළ කර ඇත.

වැඩිපුර වේගපන්දු යවන්නන් ශ්‍රී ලංකා සංචාරයට එක් කිරීම ලොකු ගැටලුවක් බවත්, ඒ තුළින් ජයග්‍රහණ ලබා ගැනීමට අපහසු වනු ඇති බවත් රොඩ්නි හෝග් අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකා තණතිලි බොහෝ විට දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය වනෙ බවද රොඩ්නි හෝග් ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ප්‍රථම ටෙස්ට් තරගය ජූලි 26 දා පල්ලෙකැ‍ලේ දී ඇරඹෙන අතර ප්‍රථම පුහුණු තෙදින තරගය ජූලි 18 දා ඇරඹීමට නියමිතය.