FAST NEWS

24×7 Around the Globe

ජනපති මෛත්‍රීට අලුතින්ම තවත් පක්ෂයක්.මහ සභාව පීකොක් මන්දිරයේ?

ඒ ඒස් පී ලියනගේ මහතා නායකත්වය දරණ ශ්‍රී ලංකා කම්කරු පක්ෂය යහපාලන ආණ්ඩුවේ පක්ෂ සමග මූලික එකගතාවකට පසුගියදා අත්සන් තැබුවේය.

කම්කරු පක්ෂය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්‌ඩමන් මහතාගේ නායකත්වයෙන් යුතු ලංකා වතු කම්කරු කොංග්‍රසය, ඒ. එල්. එම්. අතාවුල්ලා මහතාගේ පාර්ශවය ඇතුළු පක්ෂ හතරක් යහපාලන අණ්ඩුව සමග මෙම එකගතාවයට අත්සන් තැබීය

මේ අනුව ඒ ඒස් පී ලියනගේ මහතා නායකත්වය දරණ ශ්‍රී ලංකා කම්කරු පක්ෂයත් මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කටයුතු කිරීමට පූර්ණ එකගතාවයකට පැමිණ තිබේ.

කෙසේ වෙතත් ළගදීම කමකරු පක්ෂයේ මහ සභාව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර එය පැවැත්වෙන්නේ පීකොක් මන්දිරයේ ටෙනිස් කෝට් අංගනයේදී බව වාර්තාවේ.

පසුගිය දිනවල පීකොක් මන්දිරය මුළු මනින්ම කඩා දැමීමට යන බවට තොරතුරු වාර්තා වූවද දැන් ලැබෙන ආරංචි මාර්ග අනුව එය කඩා නොදැමෙනු ඇති බව වාර්තාවේ.