FAST NEWS

24×7 Around the Globe

එංගලන්ත නායක ඊයන් මෝගන්ගේ ඉල්ලීම බංග්ලාදේශයෙන් ඉවත දමයි.

බංග්ලාදේශය සමඟ එළඹෙන ඔක්තොම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරඟය වෙනත් රටක් පවත්වන ලෙස එංගලන්තය කරනු ලැබූ ඉල්ලීම බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රතික්ෂේප කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර සිටියි.

මෙම තරඟාවලිය බංග්ලාදේශය තුලම පැවැත්විය යුතු බව එහි ප්‍රධාන විධායක නිලධාරී නසමුඞීන් චෞද්‍රි කියා සිටියේය.

පසුගියදා බංග්ලාදේශයේ අවහන්හලකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමඟ මෙම තරඟාවලිය වෙනත් රටක පවත්වන ලෙස එංගලන්ත එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක ඊයන් මෝගන් ඉල්ලීමක් කර සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය ඔවුන්ගේ තීරණය ප්‍රකාශයට පත් කර ඇත.