FAST NEWS

24×7 Around the Globe

ෂැඩෝ ඇමති ධුර ලබා දුන්නේ කවුද ඩලස් හෙළි කරයි.

ඒකාබද්ද විපක්‍ෂයේ මන්ත‍්‍රිවරුනට ෂැඩෝ ඇමති ධුර ලබා දීම සිදු කලේ මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන හා තමන් ඇතුළු විද්වතුන් පිරිසක් විසින් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යාංශ අධීක්‍ෂණ මන්ත‍්‍රීවරුන් පත් කලොත් සුදුසු යයි හිටපු ජනාධිපතිවරයා විසින් කරන ලද දැන්වීමකට අනුව මෙම පත් කිරීම් සිදුකල බවද පවසන ඔහු එම පත්කිරීම් සඳහා හිටපු ජනාධිපතිවරයා සහභාගි නොවු බවද කියයි.

පසුගිය මාස හයක කාලයක් පුරා මේ සම්බන්ධ කරුණු සිදු කෙරුණු බවද පමසන අලහප්පෙරුම මහතා මෙය කිසිසේත්ම ඊළඟ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය නොවන බවත් පවතින අමාත්‍යංශ අධීක්‍ෂණය සඳහා පමණක් නම් කරන ලද්දක් බවද කියා සිටියේය.