FAST NEWS

24×7 Around the Globe

2016 යුරෝ පාපන්දු කුසලානය පෘතුගාලයට (විඩීයෝ)

2016 යුරෝ පාපන්දු කුසලානය දිනා ගැනීමට ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ නායකත්වයෙන් යතු පෘතුගාල කණ්ඩායම ඊයේ රාත්‍රී (10) සමත් විය.

අවසන් මහා තරගයේදී සත්කාරක ප්‍රංශය පරාජය කළ පෘතුගාල කණ්ඩායම තරගය ජය ගත්තේ ගෝල 01 ට බිංදුවක් ලෙසයි.

නියමිත කාලයේදී දෙපිලම ගෝල වාර්තා කිරීමට සමත් වූයේ නොමැති අතර අනතුරුව ලබා දුන් අතිරේක කාලයේ 18 වන මීනිස්තුවේදි ගෝලයක් වාර්තා කිරීමට පෘතුගාලය සමත් විය.

පෘතුගාල පාපන්දු කණ්ඩායම ප්‍රධාන පෙළේ පාපන්දු කුසලානයක් දිනා ගත් පළමු අවස්ථාව මෙන්ම  යුරෝ කුසලානය දිනා ගත් පළමු අවස්ථාවද මෙය වේ.

ස්ටේට් ද ෆ්රාන්ස් ක්‍රීඩාංගණයේ ඊයේ (10) පැවැති මෙම තරගය නැරඹීම සඳහා හැත්තෑපන්දහසකට අධික පාපන්දු ලෝලීන් පිරිසක් එක්ව සිටියහ.

[youtube url=”https://www.youtube.com/watch?v=cT01t1ceYwk” width=”560″ height=”315″]