FAST NEWS

24×7 Around the Globe

විම්බල්ඩන් ටෙනිස් ශුරතාවය දෙවන වරටත් මරේට.

විම්බල්ඩන් ටෙනිස් ශුරතාවය දෙවන වරටත් දිනා ගැනීමට බ්‍රිතාන්‍යයේ ඇන්ඩි මරේ සමත්විය.

ඒ, තරග වට 2-0 ක් ලෙස 6-4 7-6 (7-3) 7-6 (7-2) සිය ප්‍රතිවාදියා වූ කැනඩාවේ මිලොස් රොනික් පරාජය කරමිනි.

වසර 2013 ට පසු යළිත් විම්බල්ඩන් කිරුල හිමිකර ගත් මරේ මෙලෙස සිය තුන්වන ග්රෑන්ඩ් ස්ලෑම් ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

වසර 1935 දී ෆ්‍රෙඩ් පෙරේ ගෙන් පසු විම්බල්ඩන් ශුරතාවයට වරකට වඩා හිමිකම් කී ප්‍රථම බ්‍රිතාන්‍ය ක්‍රීඩකයා ලෙස ද ඇන්ඩි මරේ ඉතිහාසයට එක්විය.