FAST NEWS

24×7 Around the Globe

මීලග විශ්වසාභංගය ආණ්ඩුවේ කාටද?ගම්මන්පිල හෙළි කරයි.

විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් විශ්වසාභංගයක් ගෙන ඒමට ක්‍රියාකරන බව ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියා සිටියේය.

මෙයට හේතුවී ඇත්තේ විදේශ විනිසුරුවන් සහභාගි කරගන්නේ නැති බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය ඒ මහතාගේ පෞද්ගලික ප්‍රකාශයක්‌ බව සමරවීර මහතා විසින් කියා සිටීමයි.

මංගල සමරවීර මහතා ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණි අවස්‌ථාවේ ඊළාම් ඩයස්‌පෝරාව හමුවී සාකච්ඡා කර ඇති අතර එහිදී ද ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් ජාත්‍යන්තර විනිසුරුවන් සහිත හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ගැන ඔහුගෙන් විමසා තිබේ.