අපි දන්න විදිහට නම් ක්‍රීඩකයෙක් ජනප්‍රිය වෙන්නෙ ඔහු තුළ පවතින ක්‍රීඩා කුසලතා නිසා. ඒත් සමහර ක්‍රීඩකයො විවේක සුවයෙන් ඉන්න අවස්ථාවලත් ජනප්‍රිය වෙන අවස්ථා තියෙනවා. එලෙස කරන කියන දේ ගැන බොහෝ දෙනෙක් සෝදිසියෙන් ඉන්න නිසාම ඔහු අද දවසේ පුවත් මවන ක්‍රීඩකයෙක් කිව්වොත් නිවැරදියි. දැනට ඔහු ගැන තියෙන අලුත්ම පුවත තමයි ඔහු පහුගිය දවසක රංජන් රාමනායක හමුවෙන්න ගියා කියන කතාව. ලසිත් මාලිංග ඒ ගැන කිව්වේ මෙන්න මෙහෙමයි.
කොහොමද ජීවිතේ…
සතුටින් සැහැල්ලුවෙන් ගෙවිල යනවා. මං හොඳින්.
* මේ දවස්වල මොකද කරන්නෙ.
සම්පූර්ණයෙන් කාලය වෙන්කරල තියෙන්නෙ මගේ පාදයේ ආබාධයට ප්‍රතිකාර ලබාගන්න.
* මෙතෙක් ලැබූ ප්‍රතිකාරවල තත්ත්වය.
දැනට නම් කියන්න තරම් සුවයක් නෑ. වෛද්‍යවරුන් කියන්නෙ සුවය ලබන්න තව මාස 6 ක්වත් ගතවෙයි කියල.
* ඔබේ ක්‍රීඩා දිවියට මොකද වෙන්නෙ
මොනව කරන්නත් මේ ආබාධය සුව කරගන්න ඕන. පසුව පුහුණුවීම්වල නිරත වී මගේ දක්ෂතා මත කණ්ඩායමට එකතු වෙන්නයි බලාපොරොත්තුව.
* ඕවර 20 – 50 තරගවලට පමණක් සහභාගි වීම ඔබේ ක්‍රිකට් දිවියට ඔබ විසින්ම කරගන්නා හානියක් කිව්වොත්…
මම ඒකට එකඟ නෑ. මොකද මම රට වෙනුවෙන් හොඳින් ක්‍රීඩා කරපු කෙනෙක්. ඒකට ඕන තරම් සාක්ෂිත් තියෙනවනේ. ඒත් මේ ඇතිවී තිබෙන තත්ත්වයත් එක්ක මම ක්‍රීඩා කරන්න ඕන මට ඔරොත්තු දෙන විදියට.
* පසුගිය තරග නැරඹුවද?
ඔව්. පුළුවන් හැම වෙලාවකම මම ගොඩක් කැමැත්තෙන් කරන දෙයක් තමයි අපේ රටේ හෝ වෙනත් රටක ක්‍රිකට් තරග නරඹන එක.
* කණ්ඩායම ගැන මොකද හිතෙන්නෙ.
කණ්ඩායම හොඳ තත්ත්වයක තියෙනවා. අත්දැකීම් තියෙන අය ඉන්න නිසා පුහුණුවීම් තුළින් ඉදිරියට ඒවි. ඒ තුළ ඉදිරියේදී ලංකාවෙ ක්‍රිකට් හොඳවේවි.
* දැනට තරගවල ඔබ නොසිටීම ගැන බිරිඳ දරුවන් මොනවද කියන්නෙ.
පුහුණුවීම්, තරග, විදෙස් සංචාර නිසා මට ගෙදර අය එක්ක කාලය ගතකරන්න තිබුණ වෙලාව සීමිත වුණා. මගේ දීර්ඝ නිවාඩුව ගැන ඒ අය බොහොම සතුටින් ඉන්නෙ.
* මේ සියල්ල අතරතුර ඔබ හදිසියේම රංජන් රාමනායක හමුවෙන්න ගිය බවට රාවයක් පැතිරෙනවා.
රංජන් කියන්නෙ අපේ රටේ මම කැමැති කලා ශිල්පියෙක් නිසයි ඔහු හමුවෙන්න ගියේ. ඒක අහඹු හමුවීමක්.
* මේ හමුවීම හරහා ඉදිරියේදී ඔබ රඟපෑමට යොමු වෙන බවට ක්‍රීඩාලෝලීන් අතර කතාවක් තියෙනවා.
එහෙම අදහසක් නෑ. මම මේ රටේ ක්‍රීඩකයෙක් විතරයි. එයට සාධාරණයක් ඉටුකිරීම පමණයි මගේ බලාපොරොත්තුව.
* මේ අතර ක්‍රීඩාවට සමුදී දේශපාලනයට සම්බන්ධ වෙන බවකුත් කියෑවෙනවා.
හරි පුදුමයි. මට වඩා මා ගැන දන්නෙ මේ රටේ සමහර පිරිස් වීම. මම දේශපාලනයට කැමැතියි.
ඒත් මට දේශපාලනය ගැන පරිණත දැනුමක් නෑ. ඉතින් මම කොහොමද දේශපාලකයෙක් වෙන්නෙ. ඉදිරිය ගැන කියන්න බෑ.
* දේශපාලනයට හෝ කලාවට ආරාධනා ලැබෙනවද?
කලාවට ගොඩක් ආරාධනා ලැබිල තියෙනවා. ඒ අතර ඉන්දියාවෙ සිනමා නිර්මාණ කීපයකුත් තියෙනව. දේශපාලනයට ආරාධනා ලැබිල නෑ.
* ආරාධනාවක් ලැබුණොත්
ඒ ගැන හිතන්නෙ එදාට.
* ඉදිරියට තව කොපමණ කලක් ක්‍රීඩාවේ රැඳෙනවද?
2018 T 20 ලෝක කුසලානයටත්, 2019 පන්දුවාර 50 ලෝක කුසලානයටත් සහභාගි වීමට බලාපොරොත්තු වෙනව.
* ඔබ පුවත් මවන ක්‍රීඩකයෙක් කියල චෝදනා කළොත්…
එකෙන්ම චෝදනාව ප්‍රතික්ෂේප කරන්න වෙනවා. මම රඟපාන්න එනවද, දේශපාලනය කරනවද කියල පුවත් කවුරු හරි මවපු නිසානෙ අද අපි මේ විදියට කතා කරන්නෙ. ඒකෙන් මම නෙමෙයි පුවත් මවන්නෙ කියන එක පැහැදිලියි මාව විකුණල හරි තව කෙනෙක් ජීවත් වීම ගැන මට සතුටුයි.
උපුටා ගැනීම දිවයින
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.