FAST NEWS

24×7 Around the Globe

යෝජිත කණු මත දිවෙන දුම්රිය මාර්ග පද්ධතියට බර වියදම්.

කොළඹ මාර්ග තදබදය අඩු කිරීම සඳහා ඉදි කිරීමට යෝජිත කණු මත දිවෙන දුම්රිය මාර්ග පද්ධතිය සඳහා එක් කිලෝමීටරයකට රුපියල් කෝටි 600ක මුදලක් වැයවෙතැයි දල වශයෙන් ගණන් බලා ඇත.

මෙම ව්‍යාපාතිය යෝජනා කර ඇත්තේ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය විසින් වන අතර ජපාන ණය ආධාරයක් මත මෙය ඉදිකිරීමට අදහස් කරයි.

කොලඹ, බොරැල්ල, බම්බලපිටිය, නුගේගොඩ ඇතුළු ප‍්‍රදේශ ආවරණය වන ලෙස මෙම දුම්රිය මාර්ග පද්ධතිය ඉදි කිරීමට අදහස් කර සිටී.