FAST NEWS

24×7 Around the Globe

සෙරීනා විලියම්ස් විම්බල්ඩන් ටෙනිස් කිරුළ 7 වන වරටත් දිනයි.

විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අංශයේ ශූරතාව දිනා ගැනීමට ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩිකා අමෙරිකාවේ සෙරීනා විලියම්ස් සමත් වූවා ය.

ලන්ඩන්හිදී පැවති අවසන් තරගයේදී වට 2කට 0ක් ලෙස ඇය ඉදිරියේ පාරාජය වූයේ, ජර්මනියේ ඇන්ජ්ලික් කර්බර් ය.

මෙය 34 හැවිරිදි විලියම්ස් ජය ගත් 22 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවයයි.

ඒ අනුව ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා සංඛ්‍යාවක් දිනා ගත් ක්‍රීඩිකාවන් අතර දෙවන ස්ථානයේ රැඳී සිටින ජර්මනියේ ස්ටෙෆී ග්‍රාස් සමග සම තැන් ගැනීමට විලියම්ස් සමත් වූවා ය.

එමෙන් ම සෙරීනා විලියම්ස් විම්බල්ඩන් ටෙනිස් කිරුළ දිනූ 7 වන අවස්ථාව ද මෙය වේ.