වර්ෂ 1981 පළමුවැනි ලාංකික ඒඩ්ස් රෝගියා වාර්තා වූ රත්නපුරය තුළ අද වන විට 60 කට ආසන්න සංඛ්‍යාවක් එච්. අයි. වී. ආසාදිතයන් සොයා ගැනුණු අතර එච්. අයි. වී. ආසාදිතයන් බොහෝ දෙනකු රත්නපුර මහ රෝහලේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය වෙත පැමිණීම අඩු බවක් පෙන්නුම් කර තිබෙන බව එම ආයතනයේ ස්ථාන භාර ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය කාංචන උපසේන මහතා පවසයි.
වෛද්‍ය කාංචන උපසේන මහතා මේ බව අනාවරණය කළේ ලෝක එච්. අයි. වී. රුධිර පරීක්ෂා කිරීමේ දිනය වෙනුවෙන් සංවිධානය කළ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන උත්සවයට සහභාගි වෙමිනි. මෙම වැඩසටහන නිවිතිගල නගරයේ මැණික් ව්‍යාපාරිකයන් ඉලක්ක කර ගනිමින් සිදුකෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය කාංචන උපසේන මහතා,
ඒඩ්ස් රෝගය නිට්ටාවට සුවකරන්න බැහැ. නමුත් රෝගය පාලනය කිරීමට ඖෂධ පවතිනවා. එච්. අයි. වී. ආසාදිතයන් බොහෝ දෙනකු වෙනත් පෞද්ගලික රෝහල් කරා ගොස් ප්‍රතිකාර ලබා ගැනීම නිසා සත්‍ය සංඛ්‍යා ලේඛන ලැබෙන්නේ තරමක් අඩුවෙන්. අද විවිධ නානා ප්‍රමාණයේ අසභ්‍ය දර්ශන විවිධ තාක්ෂණික ක්‍රම මගින් ජංගම දුරකථන ඇතුළු වෙනත් උපකරණ හරහා අසන්නට දකින්නට ලැබීම නිසා මේවා අත්හදා බැලීමට ගොස් සමහරු අමාරුවේ වැටී තිබෙන බව ද වෛද්‍යවරයා අවධාරණය කළේය.
නමුත් කුඩා කල සිටම හොඳ නරක දරුවන්ට කියා දෙනව නම් මේ දේ කරන්න යන්නේ නැහැ. දෙමාපියන් කිහිපදෙනකු කරන දහජරා වැඩ නිසා දුක්විඳින්නේ දරුවන්. ඒ නිසා දරුවන්ගේ වගකීම හරිහැටි ඉටුකරන්න ඕනි. අද දරුවන් රැසක් පාසල් ඇරී ගෙදර බලා යන අවස්ථාවලදී තමයි අපයෝජනයට ලක්වී තිබෙන්නේ. මෙවැනි පුද්ගලයන්ට නීතියෙන් නම් ගැලවීමක් නැහැ. අද වැරදි දේවලට යොමුවී සමාජ රෝගවලට ගොදුරු වී ඇති අයට ප්‍රතිකාර ලබාදීමට අපි සූදානම්.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.