ඕස්ට්‍රේලියානු – ශ්‍රී ලංකා එක් දින තරඟාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවකු ලෙස තිලකරත්න ඩිල්ෂාන් ඇතුළත් කළ යුතු බව හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.
පෞද්ගලික හේතූන් මත එංගලන්ත සංචාරයෙන් ඉවත් වූ තිලකරත්න ඩිල්ෂාන් මේ වන විට ඕස්ට්‍රේලියානු එක් දින තරඟාවලිය ඉලක්ක කර ගනිමින් පුහුණුවීම් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් එංගලන්ත සංචාරයේ දී ඩිල්ෂාන් වෙනුවෙන් ආදේශ කළ ධනුෂ්ක ගුණතිලක තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වීම හේතුවෙන්ශ්‍රී ලංකා එක් දින කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු ස්ථාන සඳහා තරඟකාරී තත්වයක් දක්නට ලැබෙයි.
කුසල් ජනිත් පෙරේරා ළකුණු අතරට පැමිණීමට නොහැකි වුවත් ඔහුට තවදුරටත් අවස්ථාව ලබා දිය යුතු බව ක්‍රිකට් ක්‍රීඩා විචාරක මතයයි.
මේ අතර කුසල් මෙන්ඩිස් පිතිකරු ලැයිස්තුවේ අංක තුන ස්ථානයේ දක්ෂ ලෙස ක්‍රීඩා කළ නිසා ඔහුගේ ස්ථානයද වෙනස් කිරීම සුදුසු නොවන බව ක්‍රීඩා විචාරකයෝ පෙන්වා දෙති.
ඉදිරි කණ්ඩායම තෝරාගැනීමේ ගැටළුව ගැන ට්විටර් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ අදහස් පළ කරන ඇතැම් ක්‍රීඩාලෝලීන්ගේ මතය වන්නේ 39 හැවිරිදි තිලකරත්න ඩිල්ෂාන් නැවත කණ්ඩායමට කැඳවනවා වෙනුවට දක්ෂතා අතර සිටින තරුණ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දිය යුතු බවයි
ඩිල්ෂාන් යලි කණ්ඩායමට පැමිණීමත් සමග ශ්‍රී ලංකා තේරීම් ගැටළුවකට මුහුණ දෙන්නේදැයි බීබීසීය විමසූ විට හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර ප්‍රකාශ කළේ එමගින් කණ්ඩායම තේරීම පිළිබඳව ගැටලුවක් පැන නොනගින බවයි.
තිලකරත්න ඩිල්ෂාන් දැනට ලකුණු අතර සිටින අනිකුත් ආරම්භක පිතිකරුවා සමග පිටියට පිවිසිය යුතු බවයි සංගක්කාර සඳහන් කරන්නේ.
‘තිලකරත්න දිල්ෂාන් තවමත් ඉතා හොඳ තත්වයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන’ බවත් කුමාර සංගක්කාර පවසයි.
ඩිල්ෂාන් කණ්ඩායමට නැවත පැමිණීම ගැන අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය ප්‍රකාශ කළේ ‘පුහුණුකරුවන් සමගත් සාකච්ඡා කොට ඩිල්ෂාන් ගේ පැමිණීමත් සමග කණ්ඩායම තුළ ඇති වන වෙනස් කම් සිදු කරන’ බවයි.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.