FAST NEWS

24×7 Around the Globe

අගමැති මැදිහත් වේ. ITN මහේෂ්ට රැකියාව ලැබෙන ලකුණු?

ස්වාධීන රුපවාහිනී සේවයේ මාධ්‍යවේදී මහේෂ් සේනානායක මහතාගේ වැඩතහනම් කිරීම සම්න්ධයෙන් සොයාබලා එය අත්හිටුවීමට පියවරගත්නා ලෙසත්, ඔහු යළි සේවයේ පිහිටුවන ලෙසටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස්දී ඇතැයි වාර්තා වේ.

මහේෂ්ගේ වැඩතහනම් කිරීම සම්බන්ධයෙන් සොයා බැලූ අග්‍රාමාත්‍යවරයාට එය සිදුව ඇති ආකාරයේ තිබෙන ව්‍යාකූලතාවය නිසා මේ තීරණය ලබාදී ඇතැයි පැවසේ.

ඔහුගේ වැඩතහනම සිදුව ඇත්තෙ ස්වාධීන රූපවාහිනියේ වැඩසටහන් අධ්‍යක්ෂ විපුල රත්නසිරි මහතාට ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් යොමුකරන ලද ලිපියක් නිසා යැයි හෙළිව තිබේ.

අදාළ ලිපිය ස්වාධීන රුපවාහිනී සේවයේ සභාපතිවරයාට යොමු නොවීම සම්බන්ධයෙන්ද ගැටලු ඇතිවී ඇතැයි පැවසේ.