FAST NEWS

24×7 Around the Globe

ඡායා කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා අස්වුන දෙවැනියා මෙන්න.

එ්කාබද්ධ විපක්ෂය ඊයේ (07) නම් කළ ඡායා කැබිනට් මණ්ඩලයෙන් ඉවත්වීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා. දැනට පවතින අමාත්‍යංශවලට අධීක්ෂණ මන්ති‍්‍රවරුන් පත්කරන ලෙසට තමා උපදෙස් ලබාදුන් නමුත් මෙලෙස ඡායා කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට උපදෙස් ලබා නොදුන් බවද මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

මේ අතර ඡායා කැබිනට් මණ්ඩලයේ නගර නිර්මාණ හා ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස නම් කර ඇති ලොහාන් රත්වත්තේ මහතාද මෙම නම් කිරීමට විරෝධය පළ කරනවා. ඔහු කියා සිටින්නේ කිසිදු දැනුම් දීමකින් තොරව තමාගේ නමද ඡායා කැබිනට් මණ්ඩලයට ඇතුළත් කර ඇති බවයි.

එබැවින් තමාද මෙම අමාත්‍ය ධුරය ප‍්‍රතික්‍ෂේප කරන බවයි ලොහාන් රත්වත්තේ මහතා පවසයි.ඒකාබද්ධ විපක්ෂයේ තවදුරටත් රැඳී ඉන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.

පනස් දෙනෙකුගෙන් යුත් ඡයා කැබිනට් මණ්ඩලයේදී මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයට අමතරව සම්බුද්ධ ශාසන, ආගමික කටයුතු සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද නම්කර තිබුණා.