ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ පිහිටුවා ගනු ලැබූ ඡායා කැබිනෙට්ටුවේ අගමැතිවරයා ලෙස හිටපු ජනපති මෙන්ම වත්මන් පා.ම මහින්ද රාජපක්ෂ මහතා පත්කරගෙන තිබේ.
එසේම ඔහු බුද්ධ ශාසන හා ආරක්ෂක කටයුතු අමාත්‍යවරයා ලෙසද පත්කර ඇති අතර විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කර ඇත්තේ පා.ම නාමල් රාජපක්ෂ මහතාය.
ඡායා කැබිනෙට්ටුව මගින් ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ වැඩ කටයුතු පිළිබඳවද සොයා බලා ඒවායේ තොරතුරු සෙවීමටත් අමාත්‍යාංශ සමග සමීප සබඳතාව පවත්වාගැනීමටත් අපේක්ෂා කෙරේ.











