FAST NEWS

24×7 Around the Globe

රනිල් හදිසියේ එජාප මන්ත්‍රීවරු කැදවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණේ කැබිනට් අමාත්‍යවරුන් අතර අද (07) විශේෂ සාකච්ඡා දෙකක් පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරුන් සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් අද පස්වරු 3.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම එක්සත් ජාතික පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින සියලුම මන්ත්‍රිවරුන් අරලියගහ මන්දිරයේදී පස්වරු 6.00ට අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡාවක් පැවැත්වීමටද නියමිත බව වාර්තා වේ.