චිත්‍රාල් සෝමපාල නොහොත් “Chity” තරුණ පරපුර අතර ජනප්‍රිය ගායකයෙක්.
විශේෂයෙන් මෙරට රොක් සංගීතය ගැන පවසද්දී චිත්‍රාල්ගේ නම ඉහළින්ම කියැවෙනවා.
ඒ වගේම ගායක පවුලකින් පැවත එන චිත්‍රාල්ගේ මව සහ පියා, මෙරට සංගීතයේ පුරෝගාමීන් දෙදෙනෙකු වූ චිත්‍රා සෝමපාල සහ පී.එල්.ඒ සෝමපාල යි.
චිත්‍රාල් තම Facebook ගිණුම ඔස්සේ පළ කළ අදහස් නිසා පසුගිය කාලය පුරාම ඔහුට විවිධ දේශපාලන ලේබල ඇලවෙනු ද දක්නට ලැබුණා.
ඊයේ 07 Facebook ගිණුමට එක් කොට ඇති එම පළ කිරීම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ කරගත් එකක් වීම විශේෂයි.
“මහින්ද රාජපක්ෂ මහත්මයෝ. ඔයාගේ ඔය හෙන්චන්යියෝ සැට් එකට කියන්ඩ අපිට ගොන් ආතල් දෙන්ඩ එපා කියා, මම බය නැහැ කාටවත් හොඳේ? ඔයා යුද්දේ ඉවරකරා නමුත් ඔයාට රට කන්න දෙන්න බැහැ හරිද? ඉල්ලන් කාලා පිස්සු කෙලින්ඩ එපා බ්‍රෝ” යනුවෙන් චිත්‍රාල් තම Facebook ගිණුමෙහි සටහන් කොට තිබෙනවා.










