FAST NEWS

24×7 Around the Globe

කුසල් හිටි ගමන් කෝටිපතියෙක් වෙයි.මෙන්න ලැබෙන වන්දි මුදල.

තහනම් උත්තේජක ලබා ගත් බවට චෝදනා කරමින් ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට තරග තහනමක් පැනවීම සහ ඉන් අනතුරුව ඔහු නිවරදිකරුවෙකු සනාථ වීම නිසා කුසල්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙන් වන්දි ගෙවීමට එකඟ වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී.

වැරදි පරීක්ෂණයකින් කුසල් ජනිත් පෙරේරාට තරඟ තහනමක් පනවා ඉන් ඔහුට සිදු වූ අසාධාරණය වෙනුවෙන් මෙම වන්දි මුදල පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල්ය එකඟ වී ඇත්තේ.

කුසල්ට රුපියල් ලකෂ 350ක් වන්දි වශයෙන් ලැබීමට නියමිත බවත් මෙම මුදල ඉහළ දමාගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය හා සාකච්ඡා කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසනවා.

කෙසේ වෙතත් කුසල් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වැය වූ නීතිඥ වගේ වෛද්‍ය ගාස්තු සදහා රුපියල් ලක්ෂ 130ක මුදලක් අවශ්‍ය බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ.