FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාව සහ ඔස්‌ට්‍රේලියා තරගාවලිය ගැන මුරලිගෙන් අනාවැකි කිහිපයක්.

මේ මාසයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඔස්‌ට්‍රේලියාව අතර ටෙස්‌ට්‌, එක්‌දින සහ විස්‌සයි විස්‌ස තරගාවලිය ජය ගැනීමේ වැඩි අවස්‌ථාවක්‌ ඔස්‌ට්‍රේලියා කණ්‌ඩායම සතුව ඇති බව හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

ඔහු මේ බව පවසා ඇත්තේ ඔස්‌ට්‍රේලියානු වෙබ් අඩවියක්‌ සමඟ පැවැති සාකච්ඡාවක්‌ අතරතුරදීය.

අදාළ තරගාවලිය ඔස්‌ට්‍රේලියාවට ජය ගැනීමේ වැඩි අවස්‌ථාවක්‌ හිමිව ඇත්තේ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ සිටි ජ්‍යෙෂ්ඨම ක්‍රීඩකයන් විශ්‍රාම යැම සහ නවක ක්‍රීඩකයන් තවමත් දක්‍ෂතා අතරට පැමිණීමට අපොහොසත්ව සිටීම බවද මුරලි පෙන්වා දී තිබේ.

”ශ්‍රී ලංකා කණ්‌ඩායමේ දක්‍ෂ ක්‍රීඩකයන් ඉන්නවා. නමුත් මැතිව්ස්‌ සහ චන්දිමාල් තමයි තරමක්‌ හෝ අත්දැකීම් තියෙන ක්‍රීඩකයන් වන්නේ. නමුත් මෑත කාලයේ කණ්‌ඩායම දක්‌වන දක්‍ෂතා බැලුවහම මේ තරගාවලිය ඔස්‌ට්‍රේලියාව දිනා ගනීවි.” යෑයි මුරලි පවසා තිබේ.

ඔස්‌ට්‍රේලියානු කණ්‌ඩායමේ පිතිකරණ උපදේශකයකු ලෙස තිලාන් සමරවීර කටයුතු කරන අතර මුරලිදරන්ද ඊට පෙර ඔස්‌ට්‍රේලියානු දඟ පන්දු උපදේශකයකු ලෙස කටයුතු කර තිබේ.