FAST NEWS

24×7 Around the Globe

සෙල්ෆි නිසා මෙන්න අලුත්ම ලෙඩක්.

දිගින් දිගටම විශාල වශයෙන් සෙල්ෆි ගැනීම, වැලමිට ට හානිදායක විය හැකි බවට පැවසේ.

සිය වැලමිටේ අධික ලෙස වේදනාවක් හට ගැනීම හේතුවෙන් ඇමෙරිකාවේ NBC ආයතනයේ නිවේදිකාවක් වන Hoda Kotb සිය වෛද්‍යවරයා හමුවී ඇති අතර, වෛද්‍යවරයා අසා ඇත්තේ ඇය ටෙනිස් හෝ පිංපොං ක්‍රීඩාවල නිරත වන්නේ ද යන්නයි.

“සෙල්ෆි ගන්නා බව මා එවිට පැවසුවා,” යැයි ඇය පවසයි.

“සෙල්ෆි ගන්නකොට ඔබේ අත උඩට ඔසවා අස්වභාවික විදියට නැමිලා එක දිකට එකම මාංශපේෂීන් වැඩකරනවා. සෙල්ෆි එල්බෝ… හැමෝටම ඒක තියෙනවා,” යැයි ඇය සිය ඉන්සටර්ග්‍රෑම් ගිණුම ඔස්සේ පවසා තිබේ.