FAST NEWS

24×7 Around the Globe

සුජීව සේනසිංහ කෝප් කමිටුවට?

පොදුව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව(කෝප්)නියෝජනය කළ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.වේළුකුමාර් එම කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.

පුද්ගලික හේතුන් මත තමා ඉල්ලා අස්වන බව පවසන වේළුකුමාර් මහතා තම ඉල්ලා අස්වීමේ ලිපිය කථානායක කරූ ජයසූරිය මහතා වෙත බාරදුන් බව සඳහන්ය.

හිස්වන කෝප් කමිටු සාමාජිකත්වය ජාත්‍යන්තර වෙ‍ළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය,නීතිඥ සුජීව සේනසිංහ මහතාට හිමිවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ මීට අමතරව සුජීව සේනසිංහ මහතා පෙත්සම් කාරක සභාවේ සභාපතිත්වය උසුළන අතර පොදු ගිණුම්කාරක සභාවේ ද සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.