FAST NEWS

24×7 Around the Globe

කුසල් ගැන අලුත්ම තොරතුරු තිලංග හෙළි කරයි.

තහනම් උත්තේජක ලබා ගත් බවට චෝදනා කරමින් ක්‍රිකට් ක්‍රීඩක කුසල් ජනිත් පෙරේරාට තරග තහනමක් පැනවීම සහ ඉන් අනතුරුව ඔහු නිවරදිකරුවෙකු සනාථ වීම නිසා කුසල්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයෙන් වන්දි ගෙවීමට එකඟ වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කලේ මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී.

වැරදි පරීක්ෂණයකින් කුසල් ජනිත් පෙරේරාට තරඟ තහනමක් පනවා ඉන් ඔහුට සිදු වූ අසාධාරණය වෙනුවෙන් මෙම වන්දි මුදල පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය එකඟ වී ඇත්තේ.

ඔහුට දෙන වන්දි මුදල තවමත් තීරණය වී නොමැති බවයි වාර්තා වන්නේ.