FAST NEWS

24×7 Around the Globe

හිටපු අධිපතිට ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය?

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍ර මහතා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරයට පත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් කර සිටින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මේවනවිට ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය දරන්නේ නීතිඥ උපුල් ජයසූරිය මහතා ය.

එසේවුවද සැලකිය යුතු කිසිඳු විදෙස් ආයෝජනයක් මෙරටට ගෙන ඒමට ඔහුගේ පාලන කාලය තුල අසමත්ව ඇති අතර, මෙරට ආයෝජනය කිරීමට පැමිණි විදෙස් ආයෝජකයින්ට ඉඩම් ලබාදීමේදී සිදුකෙරෙන ප්‍රමාදයන් සම්බන්ධයෙන් ද එම ආයතනයට චෝදනා එල්ලවී ඇත.

අර්ජුන් මහේන්ද්‍ර මහතාට ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරය ලබාදී නීතිඥ උපුල් ජයසූරිය මහතාට සුදුසු වෙනත් තනතුරක් ලබාදීමට අගමැතිවරයා තීරණය කර ඇත්තේ, මෙම කරුණු ද සැලකිල්ලට ගනිමින් බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.