FAST NEWS

24×7 Around the Globe

ළදරු ආණ්ඩුවකින් බල්ටි බලාපොරොත්තු වෙන්න එපා-රන්ජන්

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ පාලනය බාරගන්නා විට රට තිබුනේ උගන්ඩාව ඉතියෝපියාව වගේ යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

ආණ්ඩුව තවම ළදරුවෙක් බවත් ළදරු ආණ්ඩුවකින් බල්ටි බලාපොරොත්තු නොවන ලෙසද කී ඔහු අද ආණ්ඩුවේ සිටින ඇමැතිවරු කැපකිරීම් කරන බවද පැවසීය.

බදු වැඩි කර ඇත්තේ තාවකාලිකව බවත් මේ වන විට රජය විසින් යුරෝපා මාළු තහනම ඉවත් කර ගෙන ඇති අතර ඉදිරියේදී ජී.එස්‌.පී. ප්ලස්‌ සහනයද ලබා ගෙන ඒවායේ සහන ජනතාවට ලබා දෙන බවද වැඩි දුරටත් පැවසීය.