FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය ජයගන්නේ කවුද?මුරලිගෙන් අනාවැකි.

මේ මාසයේ පැවැත්වෙන්න නියමිත ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය ජය ගන්න ඕස්ට්‍රේලියාවට වැඩි අවස්ථාවක් තියෙනවා කියලා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් කියනවා.

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය ගැන ක්‍රිකට් ඕස්ට්‍රේලියා වෙබ් අඩවවියට ප්‍රකාශයක් කරමින් තමයි මුරලි මේ ගැන කියලා තියෙන්නේ.

පහුගිය කාලසීමාවේ ඉදලා ඕස්ට්‍රේලියාව හොඳින් ක්‍රීඩා කරන නිසා මේ තරගාවලිය ජය ගැනීමට ඕස්ට්‍රේලියාවට වැඩි අවස්ථාවක් තියෙනවා කියලයි මුරලි කියන්නේ.

මේ වන කොට ශ්‍රී ලංකා කණ්ඩායම සිටින්නේ නැවත නැගි සිටිමේ අදියරක නිසා හුගක් ක්‍රීඩකයින් විශ්‍රාම ගෙන තියෙනවා කියලත් මුරලි මතක් කරලා තියෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ශක්තිය ප්‍රමාණයක් නොවන නිසා තරගාවලිය ජයගන්න ඕස්ට්‍රේලියාවට හොඳ අවසථාවක් තියෙනවා කියලා මුරලි වැඩිදුරටත් කියලා තියෙනවා.