FAST NEWS

24×7 Around the Globe

ගුවන් තොටුපළ පරිශ්‍රයේ කංසා වෙළඳාම් කිරීමට අවසර..

රටේ ආර්ථිකයට සහනයක් සෙවීමේ අරමුණින් බලධාරීන් අමුතුම පියවරක් ගෙන තිබෙනවා.

ඒ ගුවන් තොටුපළ පරිශ්‍රයේ කංසා වෙළඳාම් කිරීමට අවසර ලබාදීමයි.

මෙම නීති සම්පාදනය වීමත් සමග ගුවන් තොටුපළ පරිශ්‍රයට පැමිණෙන සහ පිටත්ව යන මගීන්ට මෙම කංසා ලබා ගැනීමට හැකිවනු ඇත.

එසේම එම ප්‍රදේශයේදී මේවා භාවිත කිරීමටද අවසරය ලැබෙනු ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන අන්දමට මෙසේ මෙම කංසා විකිණීම සඳහා නව නීතිරීති සම්පාදනය කිරීමක් සිදු කිරීමට ද නියමිතව තිබෙනවා.

මෙම කංසා නීතිය සම්මත වීමෙන් පසු වරාය මගින් පැමිණෙන විදේශිකයන්ට ද කංසා ලබාගැනීමට හැකිවනසේ පියවර සැකසෙනු ඇතැයි එරට ආරංචි මාර්ග සඳහන් කරනවා.

 මේක වෙන්නේ නම් ජැමෙයිකාවේ.