FAST NEWS

24×7 Around the Globe

කොළඹ මාර්ග තදබදය අඩුකරන්න අලුත්ම ක්‍රමයක්.

කොළඹ නරගයෙහි පවතින මාර්ග තදබදය අවම කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිරි මාසයක කාලයක් තුළදී බත්තරමුල්ල සිට කොළඹ දක්වා ගමන් කරන බස් රථ වලට වෙනම මං තීරුවක් වෙන් කරන බව රථ වාහන නියෝජ්‍ය පොස්පති අමරසිරි සේනාරත්න මහතා සඳහන් කළේය.

දිනකට පැය කිහිපයක කාලයක් බස්රථ සඳහා අදාළ මංතීරුව වෙන් කරන බවත්, කොළඹ නගරය තුළ ක්‍රියාත්මක රථවාහන වැඩපිළිවෙළ නිසා කොළඹ නගරය ආශ්‍රිත රථවාහන අනතුරු අඩුවී තිබෙන බවද ඔහු පවසා සිටියේය.