FAST NEWS

24×7 Around the Globe

CSN එජාප අමාත්‍යවරයකු මිලදී ගනී?

කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් රූපවාහිනී නාළිකාව ලබන 27 වැනිදා “සයුර” ලෙස නම වෙනස්කරමින් අලුතින් ආරම්භ කිරීමට සැරසෙන බව වාර්තා වේ.

අදාළ නාලිකාව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ අමාත්‍යවරයකු විසින් මිලදී ගෙන ඇති බවදට රාවයක් පැතිර තිබේ.

කෙසේවුවද, කාල්ටන් ස්‌පෝර්ට්‌ නෙට්‌වර්ක්‌ හෙවත් ‘සී එස්‌ එන්’ ආයතනය මෙසේ මිලදී ගෙන ඇත්තේ අදාළ සමාගමේ හිමිකරුවන් බව කියවෙන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසට මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝනය කිරීම, කූට ලේඛන පිළියෙළ කිරීම, සාපරාධී විශ්වාසය කඩකිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණ, රේගු පනතට ගැනෙණ වැරදි සිදුකිරීම ඇතුළු චෝදනා ගණනාවක්‌ එල්ලවී තිබියදීය.