FAST NEWS

24×7 Around the Globe

ඩෙංගු මදුරු කීටයන් බෝ කරන අයට සිරදඩුවම්?

දැනට දිවයිනේ වැඩි දිස්‌ත්‍රික්‌ක ගණනාවක ඩෙංගු රෝගය වසංගතයක්‌ වශයෙන් පැතිරී යැම හේතුවෙන් ඩෙංගු මදුරු කීටයන් බෝවන අයුරින් තම පරිශ්‍රයන් පවත්වාගෙන යන අයට එරෙහිව සිරගත කිරීම දක්‌වා දැඩි දඬුවම් ලබාදිය යුතු බව පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්‌තාපා මහතා පැවසීය.

ඩෙංගු මදුරුවන් බෝවන අයුරින් ගෙවතු පරිශ්‍ර පවත්වාගෙන යන්නන්ට එරෙහිව ක්‍රියාත්මක කර ඇති නීති ප්‍රමාණවත් නොවන බව ද ඇමැතිවරයා කීවේය.

මෙම වසරේ ගතවූ මාස හයක කාලය තුළ දිවයිනේ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව මේ වන විට 21000 ඉක්‌මවා ඇති අතර මරණ 35 ක්‌ වාර්තා වී තිබේ. කොළඹ හෙක්‌ටර් කොබ්බෑකඩුව කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ පැවැති ඩෙංගු රෝගයේ වත්මන් තත්ත්වය පිළිබඳ සමාලෝචන රැස්‌වීමේදී මෙම කරුණු අනාවරණය කෙරිණි.