FAST NEWS

24×7 Around the Globe

හිටපු ජනාධිපතිට මහරජාණෝ කියලා නම දැම්මේ වත්මන් ජනපතිලු.

මේ ආණ්‌ඩුවට ඕනෑම වැඩක්‌ කරගන්න බැරි වුණ ගමන් මතක්‌ වෙන්නේ රාජපක්‍ෂ නම පමණයි. මට මහරජාණෝ කියලා මිනිස්‌සු කියනවා කියා විවේචනය කරනවා. මට මහ රජාණෝ කියන නම දැම්මේ හිටපු සෞඛ්‍ය ඇමැති වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතායි. එසේ නැතිව මේක මම දාගත්තු නමක්‌ නොවෙයි යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

බලන්ගොඩ මහවලතැන්න ශ්‍රී චන්ද්‍රසේකර මුදලින්දාරාම විහාරස්‌ථානයේ තෙමහල් සංඝාවාසයට ඊයේ (04 දා) මුල්ගල් තැබීමෙන් අනතුරුව හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව පැවසීය.