01. ශ්‍රී ලංකාවේ සුප්‍රකට ආර්ථික විද්‍යාවේදියෙක් වන ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා යනු රටෙහි ගෞරවයට පාත්‍ර වූ දමිළ පවුලක සාමාජිකයෙකි. ප්‍රසිද්ධ තානාපති නිළධාරියෙක් වන රාජු කුමාරස්වාමි මහතා ඔහුගේ පියාය. එමෙන්ම ඔහු නව ව්‍යවස්ථා මණ්ඩලයේ සාමාජිකාවක් මෙන්ම ක්‍රියාකාරී මානව හිමිකම් සාමාජිකාවක් වන රාධිකා කුමාරස්වාමි මහත්මියගේ සොහොයුරාය.
02. 1970 දශකයේ කොළඹ ක්‍රීඩා සංගම් අතර ජනප්‍රිය ක්‍රීඩකයෙක් වන කුමාරස්වාමි මහතා CR සහ FC යන රග්බි කණ්ඩායම්හි නායකයා ලෙස ද ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ නායකයා ලෙස ද එංගලන්තයේ Harrow විද්‍යාලයේ සහ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම්හි නායකයා ලෙස ද කටයුතු කර තිබේ. එමෙන්ම ඔහු කොළඹ දෙමළ ක්‍රීඩා සංගමයේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ද ක්‍රීඩා කොට තිබේ.
03. ආචාර්ය කුමාරස්වාමි මහතා සිය ප්‍රාථමික අධ්‍යාපනය සහ ද්විතීය අධ්‍යාපනය කොළඹ රාජකීය විද්‍යාලයෙන් සහ එංගලන්තයේ Harrow විද්‍යාලයෙන් සම්පූර්ණ කර අැති අතර ඔහුගේ ප්‍රථම උපාධිය ලබාගෙන ඇත්තේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙනි. පසුව Sussex විශ්වවිද්‍යාලයෙන් තම ආචාර්ය උපාධිය සම්පූර්ණ කළ ඒ මහතා සිරිසේන – වික්‍රමසිංහ පාලනය තුළ වන රාජකීයයන්ගේ කණ්ඩායමට ද ඒ අනුව එකතු වේ.
04. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ශ්‍රී ලංකා මහ බැංකුවට සම්බන්ධ වන්නේ 1973 වසරේදී ය. ඉන්පසු 1989 වසර වනතෙක් ඔහු ආර්ථික පර්යේෂණ, බැංකු අධීක්ෂණ සහ සංඛ්‍යාන දෙපරේතමේන්තුව යන අංශයන්හි සේවය කළේය. එමෙන්ම ඔහු 1981 – 1989 කාලය අතරතුර මුදල් අමාත්‍යංශයට සම්බන්ධව ද කටයුතු කොට තිබේ. එලෙස ඔහු ලැබූ අත්දැකීම් සහ දැනුම නව මහ බැංකු අධිපතිවරයා ලෙස තේරී පත්වීමට ඉවහල් වන්නට ඇත.
05. 1990-2008 කාලය අතරතුර පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක, ආර්ථික කටයුතු අංශය සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ යන තනතුරු ද දරා ඇති කුමාරස්වාමි මහතා ඉන්පසු අවස්ථාවකදී ද එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ, සමාජ පරිවර්තන වැඩසටහන් අංශ ප්‍රධානියා ලෙස ද කටයුතු කොට තිබේ.
06. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා Galleon සමාගමෙහි අධිපතිවරයා වූ ද මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වසර 11ක් තිස්සේ බන්ධනාගාරගතව සිටින රාජ් රාජරත්නම් මහතාගේ විශේෂ උපදේශකවරයෙක් ලෙස ද කටයුතු කර තිබේ.
07. වත්මන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මීට ඉහත දී මහ බැංකුවට දැනුම් දීමකින් තොරව රාජ් රාජරත්නම් මහතාගේ Galleon සමාගමෙහි මුදල් තැම්පත් කිරීමක් සිදුකළ අතර පසුව කොළඹ මහාධිකරණය විසින් ඔහුව නිදොස් කොට නිදහස් කරනු ලැබීය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.