FAST NEWS

24×7 Around the Globe

අවසන් තරගය පැරදිලා ලංකාව ඉතිහාසගත වුනේ මෙහෙමයි.

එංගලන්තය සමඟ පැවති පස්වන සහ අවසන් එක්දින තරඟයෙන් ද ලකුණු 122 කින් පරාජය වන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ සිදුවුණා.

ඒ අනුව තරඟාවලියේ ජය තුනට බින්දුවක් ලෙස හිමිකරගත්තේ එංගලන්ත කණ්ඩායමයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුනු 327 ක් රැස් කළා.

පන්දු වාර 42 යි පන්දු හතරකදී ශ්‍රී ලංකා කණ්ඩායමට සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 202 ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකාව එංගලන්තයේදී කිසිදු තරඟයක් ජය නොගෙන පරාජය වූ ප්‍රථම තරඟාවලිය ලෙස මෙම තරඟාවලිය ඉතිහාසගත විය.