FAST NEWS

24×7 Around the Globe

නිරුවත් නිරූපිකාව කුමරෙක් සමග යුග දිවියට..

36 හැවිරිදි ස්වීඩනයේ කාල් පිලිප් කුමරු පසුගිය දා විවාහ දිවියට එළඹුනා. ඒ නිරූපිකාවක් හා රියැලිටි වැඩසටහන් තරුවක් වන සොෆියා හෙල්ක්විස්ට් සමඟයි.

ඔවුන් දෙදෙනා ප්‍රථම වරට මුණගැසී ඇත්තේ 2010 වසරේදී. දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධතාවය කණ වැකුණු මාධ්‍යවේදීන් සොෆියාගේ පෞද්ගලික ජීවිතය පිලිබඳ ඉමහත් ප්‍රසිද්ධියක් ලබා දුන්නා. ඒ ඇය කාලයක් නිරුවත් නිරූපිකාවක් ලෙස කටයුතු කිරීම හේතුවෙන්. ඒ නිසා මුල් කාලයේදී රජ පවුල තුලින්ම මෙම සම්බන්ධතාවයට විරෝධතා එල්ල වුන බව වාර්තා වනවා.

කෙසේ හෝ තම ප්‍රේමය ජයගැනීමට සොෆියා හා පිලිප් කුමරු සමත් වීමත් සමඟම රජ පවුලට එක්වූ ප්‍රථම සාමාන්‍ය වැසියා වීමේ ගෞරවය සොෆියාට හිමි වනවා.

ඔවුන්ගේ මංගල උත්සවයට ලක්ෂ 5 ක් පමණ වූ ජනකායක් සහභාගී වූ බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් වාර්තා කර සිටිනවා.