FAST NEWS

24×7 Around the Globe

ප්‍රංශ කණ්ඩායම යුරෝ පාපන්දු කුසලානයේ අවසන් පුර්ව වටයට.

2016 යූරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පුර්ව වටයේ පැවති තරගයකින් අයිස්ලන්ත කණ්ඩායම ගෝල 5 ට 02ක් ලෙස පරාජය කර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සත්කාරක ප‍්‍රංශය කණ්ඩායම ඊයේ (03) සමත් විය.

තරගයේ පළමු අර්ධය ගෝල 4 ට බින්දුවක් ලෙස ප‍්‍රංශය පෙරමුණ ගනු ලැබුණු අතර දෙවන අර්ධයේදී අයිස්ලන්තය ගෝල 2 ක් වාර්තා කළ අතර ප‍්‍රංශයට වාර්තා කිරීමට හැකි වූයේ එක් ගෝලයක් පමණී.

එ අනුව යූරෝ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව වටයේදී ප‍්‍රංශය, ජර්මනිය සමගින් තරග වැදීමට නියමිතව තිබේ.

තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග ලබන 06 වැනිදා ආරම්භ වන අතර පළමු අවසන් පූර්ව තරගය පෘතුගාලය සහ වේල්සය අතර පැවැත්වීමට නියමිතය.