FAST NEWS

24×7 Around the Globe

බෑගය තුල බිළිඳු මළ සිරුර රැගෙන ගිය තරුණිය අත්අඩංගුවට.

රුපියල් විස්සකට මිල දී ගත් “ටියුලිප්” බෑග් එකක දමා බිළිඳු මළ සිරුරක් රැගෙන යමින් සිටි තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රාගල පොලිසිය විසින් බෘෘක් සයිඩ් පොලිස් මුරපොළේදී මෙම තරුණිය අත්අඩංගුවට ගෙන ඇති අතර 19 වියේ පසුවන මේ කාන්තාව දරුවාගේ මව යැයි පොලීසිය සැක කරන බව වාර්තා වෙනවා.

ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ රාගල පොලිසියට ලද දුරකතන පණිවුඩයකට අනුව යි.

මෙම තරුණිය අවිවාහක තැනැත්තියක් බව අනාවරණය වී ඇති අතර බිළිඳා මියගොස් ඇති ආකාරය සොයා ගැනීම සඳහා නුවරඑළිය මහරෝහලේ මෘත ශරීරාගාරයේදී පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතයි.