FAST NEWS

24×7 Around the Globe

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ නව නායිකාව ලෙස අනෝමා ෆොන්සේකා?

ගිය සතියේ එජාපයට එක් වූ ඇමති සරත් ෆොන්සේකාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ නව නායිකාව ලෙස අනෝමා ෆොන්සේකා මහත්මිය පත්කරනු ඇති බව වාර්තා වෙයි.

මේ ගැන අවසන් තීරණය පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් ගැනීමට නියමිත අතර අනෝමා ෆොන්සේකා මහත්මිය නායකත්වයට පත්කරන ලෙස බහුතරයක් ඉල්ලා ඇතැයිද පැවසෙයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ උපසභාපති ලෙස දැනට කටයුතු කරන්නේද අනෝමා ෆොන්සේකා මහත්මියයි.