FAST NEWS

24×7 Around the Globe

කටාරයේ පරීක්‍ෂණාගාරය ඉවත් කරයි.කුසල්ට වන්දි?

තහනම් උත්තේජක ලබාගැනීමේ චෝදනාවට ලක්ව ඉන් නිදහස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරාට වන්දි ලබා දීමට අයි.සී.සීය ඒකමතිකව තීරණය කර ඇතැයි වාර්තා වේ.

ස්කොට්ලන්තයේ එඩින්බරෝ නුවර පෙරේදා (02දා) පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික හමුවේදී, එහි සාමාජිකයන්ගේ ඒක ඡන්දයෙන් කුසල් ජනිත්ට වන්දි ගෙවීම සම්බන්ධ යෝජනාව සම්මත වී තිබේ.

ඒ අනුව කුසල්ට සිදුවූ හානියට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නීති කටයුතු සඳහා වැය කළ පවුම් ලක්‍ෂ 05ක මුදලක් (රු.කෝටි 10කට ආසන්න) හානිපූරණ වන්දි වශයෙන් ගෙවීමට අයි.සී.සී. අනුමැතිය හිමිව ඇත.

එමෙන්ම ජාත්‍යන්තර තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ (WADA) පරීක්‍ෂණ කටයුතුවලින් කුසල්ගේ සාවද්‍ය පරීක්‍ෂණ වාර්තා ලබාදුන් කටාරයේ පරීක්‍ෂණාගාරය ඉවත් කර තහනම් කිරීමටද පියවර ගෙන තිබේ.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සහයෝගය ඇතිව ජාත්‍යන්තර තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයෙන්ද වන්දි ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කළේය.