FAST NEWS

24×7 Around the Globe

 සංගා දෙවැනි කොට ස්ටීවන් ස්මිත් පෙරමුණට එයි.

අන්තර් ජාතික ටෙස්ට් කි‍්‍රකට් පිතිකරු ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගැනීමට ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩක ස්ටීවන් ස්මිත් සමත්ව තිබෙනවා. එ් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගාවලියේදී දැක් වූ දක්ෂතා හේතුවෙන්.

මෙතෙක් මෙම ශ්‍රේණිගත කිරීම් සටහනේ පෙරමුණ ගෙන සිටියේ කුමාර් සංගක්කාරයි. නවතම ශ්‍රේණිගත කිරිමට අනුව ඔහු දෙවන ස්ථානයට පත්ව සිටිනවා. තුන්වන ස්ථානයේ පසුවන්නේ දකුණු අපි‍්‍රකාවේ එ්.බී. ඩිවිලියර්ස්. දකුණු අපි‍්‍රකාවේම හෂීම් අම්ලා 4 වැනි ස්ථානයේ පසුවනවා. පස්වන ස්ථානය හිමිව තිබෙන්නේ ඇන්ජලෝ මැතිව්ස්ටයි.