FAST NEWS

24×7 Around the Globe

නව මහබැංකු අධිපතිවරයා පත් කිරීමේ හේතුව ගම්මන්පිළ හෙළි කරයි.

නව මහබැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත්කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෙකු ලෙසින් විය හැකි බවට පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මහතා පවසනවා.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා සඳහන් කළේ මේ වන විට ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් අපේක්ෂාවෙන් සිටින බවයි. එහි කෝන්දේසි 05 ක් ආණ්ඩුව විසින් සැපිරිය යුතුව ඇති බවත් සඳහන් කළා. එම කොන්දේසි පසුරා ගැනීම සඳහා මෙම පත්කිරීම සිදුව ඇති බවයි ඔහු පවසන්නේ.